සුළු මොහොතකට පෙර ජනපති අනුර රටින් පිටව යයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 22 දින මීට ටික වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

පුලුවන්නම් මහින්ද ගෝඨා අත්අඩංගුවට අරන් පෙන්නන්න චෙම්මනි සමූහ මිනීවලට චන්ද්‍රිකාව අරන් පෙන්නන්න - මන්ත්‍රී අර්චුනා
ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සූදානම් වේ.
මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද ඇති බව වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද සූදානම් බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට ඇත.