දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්ද විමසීම සඳහා භාර දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම්, එම පෙත්සම් සහ නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

සිකුරු - ශනි යුද්ධයෙන් ශනි ජය...? ඉදිරියට සෙල්ලම් බැරි වෙයි...

සිකුරු - ශනි යුද්ධයෙන් ශනි ජය...? ඉදිරියට සෙල්ලම් බැරි වෙයි...

මේ පිළිබඳව දේශපාලන පක්ෂවල ලේකම්වරුන්, බලයලත් නියෝජිතයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් දැනුවත් කර ඇත.

විවිධ ගැටළු හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණි. ඒ වෙනුවෙන් එම පක්ෂ සහ කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

අභියාචනාධිකරණය, අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට එම නාමයෝජනා පත්‍ර නැවත භාර ගන්නා ලෙස නියෝග කර ඇත.

ඒ අනුව, අධිකරණ ක්‍රියාමාර්ග ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින්, එම පෙත්සම් සහ නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇත.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?