සිකුරු - ශනි යුද්ධයෙන් ශනි ජය...? ඉදිරියට සෙල්ලම් බැරි වෙයි...

Google Horoscope Astrology Latest Headlines Sinhala news
By Akash Apr 15, 2025 05:13 AM GMT
Akash

Akash

Report

ජාතික කර්මාන්ත, මුදල් තැන්පත් කරන ස්ථාන (මූල්‍ය ස්ථාන)වල ගැටලු ඇති වන බව පෙනේ. කාන්තාවන්ට, කලාකරුවන්ට යහපත් නැත.

බොහෝවිට ආරක්ෂක අංශවල මුල්පුටුවල වෙනස්කම් පවා ඇති වීමට ඉඩ පවතී. සූර්යය මස මීන, රවි 10 භාගයක් වූ බක් මස පුර දසවක තිථියලත් සඳු දින 2025.04.07 ප.ව. 4.31 ට මෙම වසර තුළ සිදු වන 6 වන ග්‍රහ යුද්ධය මෙන්ම අප්‍රේල් මාසය තුළදී සිදු වන පළමු ග්‍රහ යුද්ධය ද වේ. ග්‍රහලොව හැඩකාරිය, කලාකාරිය යන නම්වලින් හැඳින්වෙන සිකුරු ග්‍රහයා මෙහිදී පරාජයට පත් වේ. එසේම ගොවි, කම්කරු පීඩිත ජනයා නියෝජනය කරන ග්‍රහයා වන ශනි ජය කෙහෙලි නංවයි.

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

අද දවසේ ඔබේ දෛවය සහ වාසනාව...ඔබම දැන ගන්න

මෙකී ග්‍රහ යුද්ධය බුධ ට අයත් රේවතී නැකත තුළ සිදු වේ. රේවතී නැකත වනාහි රක්ත වර්ණ ස්ත්‍රීලිංග, තියක්මුඛ, ආකාශ භූත තරු 32කින් යුත් නැකතකි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ මෙම ග්‍රහ යුද්ධය දෙවෙනි භාවය තුළදී සිදු වේ. ජාතික කර්මාන්ත, මුදල් තැන්පත් කරන ස්ථාන (මූල්‍ය ස්ථාන)වල ගැටලු ඇති වන බව පෙනේ. එමෙන්ම මේ මොහොත වනවිට ධෘති යෝගයත්, ගර්ජ කර්ණයත් යෙදී තිබේ.

එහිදී තත්කාල ලග්නය වශයෙන් සිංහ ලග්නයත්, වෘශ්චික නවාංශකයත් උදාව පවතී. දෙවැන්නේ කේතු ද, අටවැන්නේ රවි, බුධ, ශනි, සිකුරු, රාහු ද, දහවැන්නේ ගුරු ද, දොළොස් වැන්නේ කුජ, සඳු ද ගමන් ගෙන තිබුණි.

කම්කරුවන්ට, ගොවියන්ට පීඩිත ජනතාවට යම් යම් සහචන හිමි වන බවක් ද පෙනේ. සමහර අවස්ථාවලදී බඩු මිල අඩුවීම් පවා ඉඩ පවතින කාලයක් ද වේ. සිකුරුගේ පරාජය හේතු කොටගෙන කාන්තාවන්ට, කලාකරුවන්ට යහපත් නැත. කාම අපරාධ ගැන වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. තත්කාල කේන්ද්‍රයේ 22 දෙර්කානාධිපති කුජට අයත්වීම මත හදකම්පා වන දරුණු රිය අනතුරු ගැන නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. ආරක්ෂක අංශයන්ට ගැටලු ඇති විය හැකි සති කිහිපයකි.

ස්ටිකරයක් අනිවාර්ය කරයි... එනවනම් ස්ටිකරය ඕනි...

ස්ටිකරයක් අනිවාර්ය කරයි... එනවනම් ස්ටිකරය ඕනි...

බොහෝවිට ආරක්ෂක අංශවල මුල්පුටුවල වෙනස්කම් පවා ඇති වීමට ඉඩ පවතී. රට තුළ තවදුරටත් අපරාධ බහුලව සිදු වන බව පෙනේ. මිනීමැරුම්, මංකොල්ලකෑම් මේ අතරින් ප්‍රධාන වේ. මහජනයා ගැවසෙන ගොඩනැඟිල්ලක් හදිසි ගිනිගැනීමකට හෝ කඩාවැටීමේ පුවතක් ගැන ද අසන්නට ලැබේ. එසේම රෝහල්, බන්ධනාගාර ආශ්‍රිතව ගැටලු ඇති වන බවක් ද පෙනේ. ප්‍රසිද්ධ මියයෑමක් ගැන තොරතුරු අසන්නට ලැබේ. රජයේ අභ්‍යන්තර ගැටලු උත්සන්න විය හැකි බව පෙනෙන්නට තිබේ.

තැපැල්, තොරතුරු තාක්ෂණය යන අංශවල ගැටලු නිර්මාණනය වන බවක් ද දැක ගතහැක. සාගර භූ කම්පන ගැන ද නිරන්තරයෙන් ම වාර්තා වීමට ඉඩ පවතී. එසේම සිකුරු සාගරයටත් කාරක බැවින් සුනාමි වැනි තත්ත්වයන් ආසියාව හෝ එවැනි රටක් ආශ්‍රිතව ඇති වන බවක්ද පෙනේ. ජනතාව අතර උණ රෝගයක් ව්‍යාප්ත වන බවක් ද පෙනෙන්නට ඇති අතර නාවික යාත්‍රාවක් හදිසි අනතුරකට පත්වීමේ පුවතක්ද අසන්නට ලැබේ.

ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරාජය වීම හේතුව නිසා සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් එනම් උදෑසන 6.00 ත් 7.00 ත් අතර සවඳවත් සුදු මල්, කිරිබත් බෝධීන් වහන්සේට පූජා කරන්න. රජය සහ මහජනතාව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමෙන් දාන, සීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව බෝධි පූජා, බුද්ධ පූජා කිරීමෙන් ඉහත කී කරුණුවලින් යහපත උදා කර ගැනීමට හැකි වනු ඇත. 

ReeCha