ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

Report

පසුගිය කාලයේ වාහන ආනයනය තහනම්ව තිබුණත්, හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රහසිගතව වාහන ගෙන්වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ආනයන තහනම තිබියදී, වාහන හොරෙන් ගෙනැවිත් ලියාපදිංචි නොකර පාරවල්වල ධාවනය කළ අය එක්කෙනා දෙන්නා බන්ධනාගාර ගතකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපේ ගම්වල මිනිස්සු සාමාන්‍යයෙන් පොලිසියට බයේ හැංගෙනවා. පොලිසිය හොයනකොටත් හැංගෙනවා. ඒත් පහුගිය දවස්වල මොකද වුණේ? අපි හොයද්දි පොලිස්පති හැංගුණා. නීතියට යටත් වෙන්න ඕනා, නීතියට බය වෙන්නත් ඕනා.

පසුගිය කාලෙ වාහන ආනයනය තහනම් කරලා තිබුණා. ඒත් හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු ගාව වාහන හමුවෙනවා. ඒවා ලියාපදිංචි නැතිව පාරවල්වල දුවනවා. කවුද මේ? බලවත් අය-ඇමතිවරු, මන්ත්‍රීවරු. ඒ කියන්නේ ඔවුන්ට නීතියක් නෑ, අනිත් අයට විතරයි නීතිය.

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

මෙහෙම හොරෙන් වාහන ගෙනල්ලා, ලියාපදිංචි නොකර දුවපු අය, එක්කෙනා දෙන්නා ඇතුලට යනවා. තවත් පෝලිමක් ඉන්නවා.”

මේ බව ජනාධිපතිවරයා පැවසුවේ ජාතික ජන බලවේගයේ කන්තලේ ජන රැලියකදීය.

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?