ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වාර විභාග ක්‍රමය අහෝසි කර මොඩියුලර් ක්‍රමයක් යටතේ සිසුන්ගේ සාධන මට්ටම ඇගයීමට සැලසුම් කර ඇත.
පාසල් පැවැත්වෙන කාලය සහ විවේක කාලය වෙනසක් සිදු කර තිබෙන අතර ඒ අනුව පෙරවරු 7.30 සිට සවස 2.00 දක්වා පාසල් පැවැත්වෙන අතර විවේක කාල දෙකක් ලබාදීමට නිර්දේශ කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව ජනවාරි 01 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය දිනකට විනාඩි 50 කින් වැඩි වෙන බැවින් එය දරුවන්ට දරා ගත නොහැකි නිසාපෙරවරු 10.10 සිටි 10.30 දක්වාත් දහවල් 12.10 සිට 12.20 දක්වාත් දිනකට විවේක කාල දෙකක් ලබා දී තිබෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝක ද සිල්වා මහතා පැවසීය.
පන්ති කාල සටහන්වල වෙනසක් සිදුකරන අතර ඒ අනුව පෙරවරු 7.40 සිට 8.30 , 8.30-9.20, 9.20 -10.10, 10.30 -11.20, 11.20 සිට දහවල් 12.10 දක්වාත් 12.20 -1.10, 1.10-2.00 දක්වා කාලය සංශෝධනය කර තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාරාථමික අධ්‍යාපනයට ආරම්භක විද්‍යාව.මව්බස. ඉංග්‍රීසි. දෙවනභාෂාව.ගණිතය . ආගම්. සාරධර්ම අධ්‍යාපනය. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්.සමෝධානික සෞන්දර්ය විෂයයන්. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය. යන විෂයන් ඇතුළත් වේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව 6-9 සහ 10-11 ශ්‍රේණිවල දරුවන්ට විෂයන් 14 ක් හැදෑරීමට තිබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම 6-9 ශ්‍රේණි වලට පෙළපොත් වෙනුවට ඒ ඒ විෂයට මොඩියුලර් ක්‍රමයට විෂය අන්තර්ගතය ඉදිරිපත් කරනු ලබයි. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය නැමැති විෂය 06 වැනි ශ්‍රේණියේ සිටියේ හඳුන්වා දෙන අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරීක්ෂණයක් 09 වැනි ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පියවර ගෙන ඇත.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
පසුගිය 22 වන දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා වී තිබුණි.
