රෝහිත දුව බෑනා පවුල් පිටින් හැංගිලාද?
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට නියමිතව තිබූ ජූලි 23 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණී නොමැති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග මෙම තොරතුර තහවුරු කරමින් සඳහන් කරන්නේ, ඔහුගේ දියණියට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්ම මෙම සිදුවීම ඇතිවිය හැකි බවය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විනතගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට යවා ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම වාහනය ලබාගෙන ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියෙන් බවයි.
ඇය සහ ඇයගේ සැමියාට නීතිවිරෝධීව වාහනයක් එකලස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිතය. වාර්තා අනුව ඔවුන් මේ වනවිට අතුරුදහන් වී ඇත.