සෙව්වන්දිව ඉන්දියා යැවූ අයමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවත් රට පටවා ඇත්තේ..
යාපනය අරියාලෙන් ධීවර බෝට්ටුවකින් ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ප්‍රධාන සැකකරු ආනන්දන් නමැති තරුණයා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය කටයුතු සැලස්වා දී ඇති බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශනවලින් හෙළි වී තිබේ.
යාපනය උදයපුරම්හි තුන්වැනි පටුමඟේ පදිංචි 29 හැවිරිදි ඒ.පී. ආනන්දන් නමැති මෙම සැකකරුවා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 21 වැනිදා රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කිළිනොච්චියේ පිහිටි ඔහුගේ නිවසෙන් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයාගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
තිහාරිය ඕගොඩපොල අවතිරේකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවා, පාතාල අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ වෙනත් අපරාධකරුවන් නීතිවිරෝධීව බෝට්ටු මඟින් ඉන්දියාවට රැගෙන යෑමේ ජාලයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇත.
ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනා සමඟ මෙම ජාවාරම සිදුකර ඇති අතර, ඔවුන් දෙදෙනා කේරළ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් දැනට පොලිසියට හසුව රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.
ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර මුහුදු මාර්ගයෙන් සිදුවන කේරළ ගංජා ජාවාරමටද මෙම සහෝදර කණ්ඩායම සම්බන්ධ බව හෙළිවී තිබේ.
මෑත කාලයේ පාතාලයට සම්බන්ධ ප්‍රබල අපරාධකරුවන්, වෙඩික්කරුවන් ඇතුළු 100කට වැඩි පිරිසක් මෙම කණ්ඩායමේ මැදිහත්වීමෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බව විමර්ශනවලින් තහවුරු වී ඇත.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රාස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට මුහුදු මාර්ගයෙන් පලා යාමට අවශ්‍ය පහසුකම් සැපයූ බවද කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු හෙළි කළේය. එම සැකකරුවන් කවුරුන්දැයි තවදුරටත් තහවුරු කිරීමේදී පොලිසිය සිටිති.
ඉෂාරා සෙව්වන්දි රැගෙන ගිය බෝට්ටුව පොලිස් භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමක් 22 වැනිදා යාපනයට ගොස් ඇත.
පළාත් පාලන මැතිවරණ උණුසුම මැද සවස 5ට පමණ ඇය රැගත් බෝට්ටුව අරියාලෙන් පිටත්ව ඊට පසුදින ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබඩට ගොඩබෑ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට
ආනන්දන්ගේ ජංගම දුරකථනය කොළඹ අපරාධ කොට්ඨාසය භාරගෙන ඇති අතර, ඔහු සමඟ සම්බන්ධ විදේශගත පාතාල අපරාධකරුවන් සහ කේරළ ගංජා ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු බොහෝමයක් අනාවරණය වී ඇත.
මෙම විමර්ශන සඳහා ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට පොලිසිය නියම කර ඇත.
ඉෂාරා සෙව්වන්දිට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් 21 වැනිදා රාත්‍රියේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කිළිනොච්චිය උදයනගර්හීදී තවත් සැකකරුවෙකු වන 42 හැවිරිදි ආර්. සත්‍යකේෂන් නමැති අයාව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කිළිනොච්චිය අම්බල්කුලම්හි පදිංචිකරුවෙකි.
ඉෂාරා සෙව්වන්දිට කිළිනොච්චියේදී සහ යාපනයේදී රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව සැකකරුවන් සිවුදෙනෙකු මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.