මුළු පාර්ලිමේන්තුවම විශේෂ පරීක්ෂාවකට
නොවැම්බර් මාසයේ දින තුනකදී පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව, නොවැම්බර් 4, 6 සහ 7 යන දින තුන තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.
මන්ත්රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ඇතුළු සම්පූර්ණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම ආරක්ෂක පරීක්ෂාවට ලක්කරන බව කථානායකවරයා පැවසීය.
නොවැම්බර් 7 වැනි සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයද ආරක්ෂක පරීක්ෂාවට ලක්වේ.
එදින මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවත් කථානායකවරයා ප්රකාශ කළේය.
වැඩසැලසුම් ක්රියාත්මක සිකුරාදා දිනයේදී මන්ත්රීවරුන් රියදුරෙකු සමඟ පැමිණෙන ලෙසද ඔවුන්ට දැනුම් දී ඇත.
