මනූෂ නානායක්කාරට ලොකු තනතුරක්? හරින්ට දෙවෙනි නැති මනූෂ
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ දින (22) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතට පැමිණ තිබුණේය.
උදෑසන 9.30ට පමණ පැමිණි ඔහු නැවත පිටත් වූයේ පස්වරු 1.30ට පමණය.
එම අවස්ථාවේ දී මාධ්‍ය හමු වූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ,
"අපි මේ රටේ ආර්ථිකය කඩන් වැටුණු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕනේ කියලා පාරට බැහැපුවා උද්ඝෝෂණය කරපුවා විශේෂයෙන් රටේ ආර්ථිකය කඩන් වැටුණු වෙලේ ඒ රජයේ අමාත්‍ය ධූරය අරගෙන රට වෙනුවෙන් කැප වෙලා ගොඩ දාපු අය අපිට මේ රටේ වැරදි වෙනුවෙන් පෙනී සිටින්න වගේම හරි දේ වෙනුවෙන් පෙනී සිටින්නත් පුලුවන්. ඉතින් ඒ වෙනුවෙන් කල යුතු දේ කරන්න අපි එකට වැඩ කරනවා." යැයි පැවසුවේය.
එහිදී මාධ්‍යවේදීන් විසින් ඔහුගේ මිතුරු හරීන් ප්‍රනාන්දු මහතාට ධූරයක් හිමි වීම සිහි කරමින් ඔහුටද තනතුරක් ලැබේද යන ප්‍රශ්ණය නැගුවේය. ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ,
"නිලතල ඕනේ නෑ අපිට වැඩ කරන්න.වැඩ කරන්නයි අපි ඉන්නේ.අපි සාමාන්‍යයෙන් වැඩ කරනවා.අපි වැඩ කරලා පුරුදු අය සහ අපි වැඩ කරලා පෙන්නලා තියෙන අය.අපිට ධූර ඕනේ නෑ.ඒ වගේම ලබන මාසෙ 12 වෙනිදා පක්ෂෙ රැස්වීමක් තියෙනවා.අපි බලමු ඉතින්" යැයි පවසමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිනාමුසු මුහුණින් පිටව ගියේය''