ඉන්දියාවට භූ කම්පන තත්ත්වයක්
By Hashini
අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.
ජාතික භූකම්ප විද්‍යා මධ්‍යස්ථානය (National Centre for Seismology) විදෙස් මාධ්‍යවලට සඳහන් කර තිබෙන්නේ, උදෑසන 6.00ට හර්යාණාවේ, ෆරිදාබාද් නගරය මධ්‍යස්ථානය වී ඇති රික්ටර් මාපක 3.2 තරමක භූමිකම්පාවක් සිදුවූ බවයි.
භූමිකම්පාව සිදුවී ඇත්තේ අක්ෂාංශ 28.29 උතුරු සහ දේශාංශ 72.21 නැගෙනහිරයේ පිහිටි ස්ථානයකදීයි.
එහි ගැඹුර කිලෝමීටර 5ක් බව වාර්තා වෙයි.