දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි [VIDEO]

Parliament of Sri Lanka Law and Order Deshabandu Tennakoon Sinhala news Breaking News
By Hashini Jul 22, 2025 04:28 AM GMT
Hashini

Hashini

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ දී ඔහුව වරදකරු කර තිබෙනවා.

ඒ බව පාර්ලිමේන්තුවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දැනුම් දෙනු ලැබුවා. 

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය. දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබීය.

කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා කටයුතු කළේය. එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගනු ලැබීය. එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබීය.

බිත්තර මිල යළි පහලට

බිත්තර මිල යළි පහලට


ReeCha