වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 14 ට ආසන්න වේ...

By Parami Dissanayake Sep 12, 2024 03:39 PM GMT
Report

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න ව ඇතැයි වාර්තා වේ.

ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

නිල ඡන්ද පත්‍රිකා 77%ක් බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි...

නිල ඡන්ද පත්‍රිකා 77%ක් බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි...

සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇත.

එම සංඛ්‍යාව 218,350කි. එපමණක් නොව, ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

හිටපු සෞඛ්‍ය ඇමැති අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...

හිටපු සෞඛ්‍ය ඇමැති අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...

ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසක් මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්,පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.