නිල ඡන්ද පත්‍රිකා 77%ක් බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි...

Report

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හිටපු සෞඛ්‍ය ඇමැති අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...

හිටපු සෞඛ්‍ය ඇමැති අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට...


මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ ය.

හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද ඔහු පැවසී ය.

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට...

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ චීන ජාතිකයින් 13ක් අත්අඩංගුවට...

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සඳහන් කළේ, සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වන දිනෙන් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින අතර මැතිවරණ දිනය තෙක් ඒ සදහා අවස්ථාව සලසා ඇති බවත්ය.