අම්මා වෙනුවෙන් කට ඉස්සර කළ වෛද්‍ය මහේෂිගේ දුවත් රිමාන්ඩ්

Report

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් අද (07) දින අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බව කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න නම් සැකකාරියගේ දියණිය එළඹෙන 09 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඒ අනුව කෙසෙල්වත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි හේමාලී විජේරත්න නම් සැකකාරියව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

ඉකුත් සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම නිසා කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම පිළිබඳව අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

ඒ අනුව අදාළ පැමිණිලි දෙකම සලකා බලා ඉන් අනතුරුව මෙසේ වෙන් වෙන් ලෙස එළඹෙන නමවැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

එසේම සැකකාරිය සඳහා කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් පවසා ඇත්තේ විදේශයක ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඇය 'මැරෙනවා‘ යැයි කිවූ දේ මරණවා යනුවෙන් වෙනත් විදිහකට වටහාගෙන අඳාළ පැමිණිල්ල කර තිබෙන බවයි.

එනිසා ළාබාල තැනැත්තියක් හේතුවෙන් ඇයට ඇප නියම කරන මෙන් ද එම නීතිඥවරුන් ඉල්ලා සිටි බව සඳහන්.

එකවරම පහළ ගිය පොල් මිල

එකවරම පහළ ගිය පොල් මිල