සමාජ මාධ්‍යයේ පැතිරෙන බොරුවක් ගැන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය කට අරියි

Report

නුවරඑළිය නගරය ජලයෙන් යටවූ බවට සමාජ මාධ්‍යවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය වන බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සදහන් කර තිබේ.

  ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය.

සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල තිබෙන බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කර තිබේ.

මෙන්න නවතම කාලගුණික තත්වය, වැසි තත්වයේ අඩුවක්

මෙන්න නවතම කාලගුණික තත්වය, වැසි තත්වයේ අඩුවක්

නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත්, හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් කර ඇති බවත් ලේකම් වරිය තව දුරටත් ප්‍රකාශ කර තිබේ.

මහනුවර යළි ආපදා තත්වයක්

මහනුවර යළි ආපදා තත්වයක්