මහනුවර යළි ආපදා තත්වයක්
මහනුවර දිස්ත්‍රික්කයට පවතින වැසි කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයට හදිසි ආපදා තත්වයක් ඊයේ සිට ප්‍රකාශයට පත් කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සදහන් කර තිබේ.
ඒ අනුව දැනට පවතින වැසි සහිත කාලගුණයක තත්ත්වය හමුවේ වැඩිම ආපදාවන් සිදුවී ඇත්තේ උඩදුම්බර ප්‍රදේශයට බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා එම ප්‍රදේශයේ නාය යාම් සහ ජලගැලීම් ගණනාවක්ම වාර්තා වී තිබෙන බවත් සදහන් කර තිබේ.
තවද උඩදුම්බර මහවෙල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන්ව ඇත ඒ වගේම ගංගොඩ ග්‍රාම නිලධාරී වසමේ නිවාස කිහිපයක් නයාමට හසු වී ඇති බවත් යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමේදී මළ සිරුරු තුනක් එම ප්‍රදේයේ දී හමු වූ බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
තවත් දෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් වාර්තා වී ඇත.
ඒ වගේම එතුමා සදහන් කළේ ප්‍රදේශයේ පවුල් 100 ක ජනතාව සුරක්ෂා මධ්‍යස්ථාන 07 ක් තුළට යොමු කොට ඇති බවද පවසන දිස්ත්‍රික් ලේකම්වරයා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක සුරක්ෂා මධ්‍යස්ථාන 17 ක මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමකින් අනතුරුව මහනුවර මහියංගන මාර්ගයේ අද මහනුවර සිට දහ අට වංගුවේ හසලක දක්වා කොටස නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සදහන් කර තිබේ.
තවද පේරාදෙණිය ගුහාගොඩ මාර්ගයේ සීමා මාලකය අසල මීට පෙර දිට්වා සුළි කුනාටුව අවස්ථාවේදී නාය ගිය ස්ථානයේ නැවතත් නායයාම් සක්‍රියවී මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබේ.