මෙන්න නවතම කාලගුණික තත්වය, වැසි තත්වයේ අඩුවක්

Report

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ

එම දෙපාර්තමේන්තුව අද (22) ප.ව. 2ට නිවේදනයක් නිකුත්කරමින් මේ  සදහන් කර ඇත.

කෙසේ නමුත් හෙට (23) දිනයේත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

කාලගුණය ගැන නවතම අනතුරු ඇඟවීමක් - ප්‍රදේශ කිහිපයකට තද වැසි

  එමෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති වීමේ හැකියාව ඇත.

  එම නිවේදනයේ සදහන් වෙන්නේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට ප.ව. 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

  මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාව ඇත.

 මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාව තිබේ.

  ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන්

දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන්