අද තැපැල් වර්ජකයින් ඇමති නලින්ද ජයතිස්ස අතර සාකච්ඡාවක්
තැපැල් සේවකයන්ගේ වැඩ වර්ජනයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අද පෙරවරු 9:00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, වර්ජනයේ නිරත සියලුම තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඒ සඳහා කැඳවා ඇත.
විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල්කරගෙන පසුගිය 17 වැනිදා ආරම්භ කළ වැඩ වර්ජනය අද (24) 7 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
වර්ජනය ආරම්භ වීමත් සමඟ දිවයින පුරා තැපැල් කාර්යාලවල සේවා කටයුතු අඩාල වී ඇති අතර, තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව ඇත.
කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් අද දින අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර, ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේ, වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සඳහා යළි එක්ව ඇති බැවින්, හෙට (25) වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවයි.