නීතියට පිටින් - EPF නොගෙවන ආයතන 23,000ක් ගැන හෙලිදරව්වක්

Report

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ලියාපදිංචි නොවී, සේවකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ETF පමණක් ලියාපදිංචිව සිටින ආයතන සංඛ්‍යාව මේ වන විට 23,000කට ආසන්න බව කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසර අවසානය වන විට මෙම සේවායෝජකයන්ගෙන් සේවකයන්ගේ භාර අරමුදලට ලැබී තිබූ දායක මුදල රුපියල් පනස් කෝටි පනස් ලක්ෂකක් බව එම මාර්ග සඳහන් කරයි.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරේ - විදේශගත ප්‍රතිකාරට ඉල්ලයි

මෙම ආයතන EPF හි ලියාපදිංචි නොවන්නේ සේවකයන් වෙනුවෙන් වැඩි මුදලක් දායක මුදල් ලෙස ගෙවීමේ හැකියාව තිබීම නිසා බවත්, සේවකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට බැර කෙරෙන්නේ සේවක වැටුපෙන් අය කරන සියයට තුනක ප්‍රතිශතය පමණක් වන අතර, එය සඳහා සේවායෝජකයන්ගෙන් කිසිදු මුදලක් යෙදෙන්නේ නැති බවත් ඔවුන් පැවසීය.

පසුගිය වසර අවසානය වන විට එලෙස ලියාපදිංචි නොවූ ආයතන සංඛ්‍යාව විසි දෙදහස් හත්සිය හැට හතරක් බව ජාතික විගණන කාර්යාලයේ පරීක්ෂණයකින් හෙළිවී ඇත.

රටේ සෞඛ්‍ය සේවයට නව ශක්තියක් - 1408 වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනේ

රටේ සෞඛ්‍ය සේවයට නව ශක්තියක් - 1408 වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනේ

ඒ අතරින් සේවකයන් දහයක් දක්වා සේවය කරන ආයතන විසි දෙදහස් දෙසිය හතළිස් හයක් වන අතර, ආයතන පන්සිය දහඅටක සේවකයන් 10 සිට 254 දක්වා සංඛ්‍යාවක් සේවය කරති.

වසර ගණනාවක් තිස්සේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර, EPF හි ලියාපදිංචි වීම පැහැර හැර සිටින සේවායෝජකයන් හඳුනාගෙන ලියාපදිංචි කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම ගැන ජාතික විගණන කාර්යාලය සේවක අර්ථසාධක අරමුදලට චෝදනා එල්ල කර ඇත. 

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්

අද අතමිට සරුවෙන,කීර්තිය බැබළෙන ලග්න රැසකට සුභ දවසක්