රටේ ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වූ නොරොච්චෝලය දැවැන්ත අර්බුදයක - පාරිභෝගික විදුලි ගාස්තුවට රතු එළියක් [PHOTO]

Report

මෙරට ප්‍රධානතම විදුලි උත්පාදන මූලාශ්‍රය වන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන ධාරිතාව රාත්‍රී උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේදී අවම මට්ටමකට ඇද වැටීම නිසා, එම හිඩැස පියවීමට අධික පිරිවැයක් සහිත තාප විදුලි බලාගාර (Diesel/Thermal Oil) දැඩි ලෙස භාවිත කිරීමට සිදුව ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙන බව සඳහන්.

ඒ අනුව සැප්තැම්බර් 02 වන බදාදා දිනට අදාළ විදුලි උත්පාදන දත්ත සටහන්වලට අනුව, රාත්‍රී 7:00 මෙරට සමස්ත විදුලි ඉල්ලුම මෙගාවොට් 2,924.7 ක් ලෙස වාර්තා වී ඇති බව පවසයි.

එහිදී නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් පද්ධතියට එක් කර ඇත්තේ මෙගාවොට් 357 ක අවම ධාරිතාවක් බව වාර්තා වේ.

එසේම නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ජනන ධාරිතාව මෙගාවොට් 900 ක් වුවද, ඉන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම විශේෂත්වයක් වේ.

අද උදේ 9 ට සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් - ග්‍රාම නිලධාරී වසම් කිහිපයක කරන්න යන වැඩේ මෙන්න

අද උදේ 9 ට සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් - ග්‍රාම නිලධාරී වසම් කිහිපයක කරන්න යන වැඩේ මෙන්න

මෙසේ එහි උපරිම ධාරිතාව ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ගල් අඟුරු සැපයුමේ පවතින අවහිරතා හේතුවෙන් බව සඳහන්.

එමෙන්ම ගල් අඟුරු මඟින් විදුලිය උත්පාදනය අවම වීමත් සමඟ, එම අවශ්‍යතාවය සපුරාලීමට පිරිවැය අධික ඩීසල් සහ දැවි තෙල් බලාගාර මඟින් මෙගාවොට් 960.5 ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බව සඳහන්.

විදුලි උත්පාදන පිරිවැය සැසඳීමේදී ගල් අඟුරු හෝ ජල විදුලියට වඩා ඩීසල් මඟින් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය කිහිප ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ දිගින් දිගටම තාප විදුලිය මත යැපීමට සිදුවීම විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට මෙන්ම පාරිභෝගික විදුලි ගාස්තු කෙරෙහිද සෘජු බලපෑමක් එල්ල කරන කරුණක් බව සඳහන්.  

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

කොළඹ හිටපු නගරාධිපතිගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග - හේතුව මෙන්න

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

Gallery