කොටස් වෙළඳපොළෙන් ගනුදෙනුකරුවන්ට සතුටු හිතෙන ආරංචියක් - අද සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක්
අද (03) දින වෙළඳපොළ කටයුතු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය වර්ධනයක් වාර්තා කර ඇත.
එබැවින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 69.47කින් (0.33%) ඉහළ ගොස් තිබුණු අතර දිනය නිමා වන විට ලකුණු 21,395.11ක් වශයෙන් සටහන් විය.
එසේම අද දින වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් වශයෙන් සටහන් විය.