ආතල් එකේ ටික්ටොක් කරද්දි ඔයත් මෙහෙම වීඩියෝ දැම්මද? එහෙනම් පුතේ බුදු සරණයි

Report

ටික්ටොක් සමාගමේ නවතම පළමු කාර්තු වාර්තාව මගින් තම ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 25කට ආසන්න ප්‍රමාණයක් (24,954,128) පාකිස්තානය තුළින් ඉවත් කළ බව අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සංඛ්‍යාව එම වාර්තාවේ ඇති සෙසු සෑම රටක්ම අභිබවා යෑම විශේෂත්වයක් වේ.

අඳාළ වීඩියෝ මෙසේ ඉවත් කර ඇත්තේ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ සහ වැරදි තොරතුරු පැතිරවීම වැනි නීති උල්ලංඝනය කිරීම් නිසා බව සඳහන්.

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

එසේම ඉන් 99.4%ක්ම, පරිශීලකයින් වාර්තා කිරීමටත් පෙර ටික්ටොක් සමාගමේ ස්වයංක්‍රීය පද්ධතියෙන් හඳුනාගෙන ඉවත් කිරීමට සමත්වීම, ඔවුන්ගේ වේගවත් ප්‍රතිචාර පද්ධතියේ කාර්යක්ෂමතාව පෙන්නුම් කර තිබෙනවා.

මේ අතර සමාගම විසින් නීති උල්ලංඝනය කළ වීඩියෝ පටවලින් 95.8%ක්ම උඩුගත කර පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට සමත්ව ඇති බව පවසයි.

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව

ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව

එමෙන්ම මින් පෙරද ගැටලුකාරී ඉතිහාසයකට ටික්ටොක් සමාගම පාකිස්තානය තුළ හිමිකම් කියා ඇත.

ඒ අනුව නුසුදුසු සහ ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්, විශේෂයෙන්ම තරුණ පරපුරට හානිකර බවට පවසමින් පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියෙන් (PTA) 2020 ඔක්තෝබර් සහ 2021 නොවැම්බර් අතර කාලය තුළ සිව් වතාවක්ම එරට තුළ ටික්ටොක් තහනම් කර තිබීම දැක ගත හැකි විය.

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

මේ අතර පාකිස්තානය සමාජ මාධ්‍යවලින් සිදුවන අහිතකර බලපෑම් මැඩලීමට වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් වෙනුවෙන් සියලුම සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමක් සම්බන්ධයෙන් දැනටමත් සලකා බලමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් ගෝලීය ලෙස මෙම පළමු කාර්තුව තුළ වීඩියෝ මිලියන 211කට අධික ප්‍රමාණයක් සහ ව්‍යාජ ගිණුම් මිලියන 73ක් ඉවත් කිරීමට ටික්ටොක් සමාගම ක්‍රියා කර තිබෙනවා.

එසේම ටික්ටොක් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ තම අන්තර්ගත නියාමන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ විශාල භාෂා ආකෘති (LLMs) තාක්ෂණය, අදහස් (comments) පෙරීමට මේ වන විටත් කටයුතු යොදාගනිමින් සිටින බවයි. 

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති