ජපන් වාහනවල මිල ගණන් වලට වෙනදේ ගැන ඇහෙන හිතාගන්න බැරි කතාව

Report

ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති ඉහළ ආනයනික බදු හේතුවෙන් දේශීය වාහන වෙළඳපොළේ මිල ගණන් සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජපන් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසයි.

රාමනායක මහතා පෙන්වා දුන්නේ, රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මෝටර් රථයක්, ආනයන බදු ඇතුළු අනෙකුත් ගාස්තු සමඟ රුපියල් ලක්ෂ 60කට ආසන්න මිලකට ළඟා වන බවයි.

මෙම තත්ත්වය වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට දැඩි බරක් වී ඇති බව ඔහු අවධාරණය කළේය.

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

කාඩ් එකෙන් ගෙවද්දී 2% 3% කපනවද? ආයේ බෑ ඔන්න

ඉහළ ආනයනික බදු හේතුවෙන් වාහන මිල ගණන් මෙලෙස ඉහළ යාම නිසා, සාමාන්‍ය ආදායම් ලබන පුද්ගලයින්ට නව වාහනයක් මිලදී ගැනීම බෙහෙවින් අපහසු වී ඇත.

මෙම තත්ත්වය වාහන වෙළඳපොළේ ඉල්ලුම අඩුවීමටත්, ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල වීමටත් හේතුවක් විය හැකි බව රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපේ අරමුණ රොබෝවරු නොව සජීවී දරුවන් බිහි කිරීමයි” - ජනපති කියයි

“අපේ අරමුණ රොබෝවරු නොව සජීවී දරුවන් බිහි කිරීමයි” - ජනපති කියයි

මෙම තත්ත්වය ආර්ථිකයට සහ පාරිභෝගිකයින්ට එල්ල වන බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බවත්, වාහන ආනයන පිළිබඳ බදු ප්‍රතිපත්ති සමාලෝචනය කිරීමෙන් මෙම ගැටලුවට යම් පිළියමක් ලබා ගත හැකි බවත් ඔහු යෝජනා කළේය.

ඉරාජ් - රැට්ටා ගැටුමක් පලු යන්න බැන ගනි අරගලේ කතාවකුත් එළියට

ඉරාජ් - රැට්ටා ගැටුමක් පලු යන්න බැන ගනි අරගලේ කතාවකුත් එළියට