දත් දොස්තරවරු හෙට සිට වැඩ වර්ජනයක - හේතුව මෙන්න

Kegalle Dental Problem Hospitals in Sri Lanka Strike Sri Lanka
By Zara Mar 28, 2025 11:34 AM GMT
Zara

Zara

Report

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දන්තශල්‍ය විශේෂඥවරයෙකුට රෝගියෙකු විසින් සිදුකරන ලද පහරදීමට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ සේවය කරන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (28) පස්වරුවේදී කෑගල්ල රෝහල තුළ සේවය කළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් මෙම පහර දීම සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සඳහන් කළේ සිද්ධිය පිළිබඳ සිය සංගමය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධවත් සිය විරෝධය පළ කරන බවත්ය.

එහිදී රෝහල් පද්ධතිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම රජයේ වගකීමක් වනු ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය තුලින් දක්වා තිබෙනවා.

එසේම සමාජ මාධ්‍ය හරහා වෛද්‍යවරුන් හා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි වෛරය පැතිරවීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බවද දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධව බල කිරීමක් ලෙස සිය සංගමය හෙට දහවල් 12 දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන සියලුම දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත්, වෛද්‍ය ලක්මිණ ඒකනායක මහතා සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි (VIDEO)

වසර හතක් යුක්තිය වෙනුවෙන් සටන් කරන මවක් - දැන්වත් සාධාරණය ඉල්ලයි (VIDEO)

ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්

ඇමරිකාවේ විතිංස් සමාගමෙන් අලුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගයක්

ReeCha