ඉන්දියාවෙන් "මොළය කන" ඇමීබා ආසාදනයක්

Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නයිගීරියා ෆවුලේරි (Naegleria fowleri) නම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2025 වසර තුළ මෙම ආසාදනයට ගොදුරු වූ රෝගීන් 70කට ආසන්න පිරිසක් කේරළයෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. මෙම මරණවලින් බහුතරය පසුගිය මාස කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

මෙම ඇමීබාව උණුසුම් ජලාශ, ගංගා, විල්, සහ පිරිසිදු නොකළ ජල ටැංකිවල ජීවත් වන අතර, එය නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වී මොළයට හානි කරනවා. ආසාදනය වූ පසු රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, ඔක්කාරය, ගෙල තදවීම, එළියට සංවේදී වීම, ඉක්මනින් ඇතිවන ව්‍යාකූලත්වය, ක්‍රමානුකූලව මෝල බිඳවැටීම සහ අවසානයේ මරණය ඇති විය හැකියි.

ගෝලීය වශයෙන් මෙම ආසාදනය රෝගීන් 500කටත් අඩු සංඛ්‍යාවකට සීමා වුවත්, කේරළ ප්‍රාන්තයේ පසුගිය වසර දෙක තුළ රෝගීන් 120කට වැඩි පිරිසක් වාර්තා වීම කැපී පෙනෙනවා.

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

කේරළ රජය මේ වන විට ජල ටැංකි, ලිං, සහ ගංගාවල ජලය ක්ලෝරීන්කරණය කිරීම ඇතුළු පියවර ගනිමින් ඇති අතර, ජනතාවට උණුසුම් ජලයේ ගිලීමෙන් හෝ එවැනි ජලය නාසයට යාම වළක්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා.

මෙම තත්ත්වය පිළිබඳ තවත් යාවත්කාලීන තොරතුරු ලැබෙන තුරු, ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජලයේ ආරක්ෂිතභාවය ගැන වඩාත් සැලකිලිමත් වන ලෙසයි.  

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව