ජනපති, අගමැති ඇතුළු මාලිමා ඇමතිවරුන්ගේ වත්කම් තොරතුරු ටික මෙන්න
ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කර ඇත.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම වත්කම් විස්තර නිකුත් කර තිබේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටවලගේ වත්කම් සම්බන්ධයෙන් දේශපාලනික මට්ටමින් සහ මහජනතාව අතර විවිධ විවේචන එල්ල වී ඇත.
මෙම තත්ත්වය තුළ, සමාජ ක්‍රියාකාරිනී ජමුණි කමන්ද විසින් වත්මන් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ලට බිමල් රත්නායක, සුනිල් වටගල, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ නම් ඇතුළත් ය.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් නිකුත් කරන ලද වත්කම් විස්තර පහත දැක්වේ:
ජනාධිපති අනුර කුමාර දිසානායක
නිශ්චල දේපළ සහ නිවාස: රු. 40,000,000
රන් ආභරණ: රු. 1,125,000
වාහන: රු. 15,000,000
බැංකු ගිණුම්වල මුදල්: රු. 1,377,435
මුළු වත්කම් වටිනාකම: රු. 57,502,435

ටිල්වින්ට දැන් ඉතින් කියන්න වෙන්නේ නැගිටපල්ලා නැගිටපල්ලා වසන්තයා නම් ගොඩ ගිහිල්ලා කියලා තමයි - දයාසිරි
අගමැතිනි හරිනි අමරසූරිය
නිශ්චල දේපළ සහ නිවාස: රු. 10,555,615
රන් ආභරණ: රු. 7,000,000
ආයෝජන: රු. 6,842,604
බැංකු ගිණුම්වල මුදල්: රු. 4,082,302
මුළු වත්කම් වටිනාකම: රු. 27,000,000
අමාත්‍ය බිමල් රත්නායක
දේපළ සහ නිවාස: රු. 6,000,000
රන් ආභරණ: රු. 1,310,000
වාහන: රු. 15,000,000
බැංකු ගිණුම්වල මුදල්: රු. 2,745,794
මුළු වත්කම් වටිනාකම: රු. 25,000,000
අමාත්‍ය විජිත හේරත්
දේපළ සහ නිවාස: රු. 10,007,000
වාහන: රු. 27,000,000
බැංකු ගිණුම්වල මුදල්: රු. 575,276
මුළු වත්කම් වටිනාකම: රු. 37,582,276
අමාත්‍ය නලින්ද ජයතිස්ස
දේපළ සහ නිවාස: රු. 55,000,000
රන් ආභරණ: රු. 3,100,000
වාහන: රු. 21,300,000
බැංකු ගිණුම්වල මුදල්: රු. 4,768,750
මුළු වත්කම් වටිනාකම: රු. 84,168,750
අමාත්‍ය වසන්ත සමරසිංහ
වාණිජ ගොඩනැගිලි: රු. 235,000,000
ඉඩම් සහ නිවාස: රු. 10,000,000
සූර්ය කෝෂ ව්‍යුහය: රු. 6,500,000
රන් ආභරණ: රු. 4,550,000
වාහන: රු. 15,000,000
බැංකු ගිණුම්වල මුදල්: රු. 3,153,850
LOLC කොටස්: රු. 21,000
වාර්ෂික ආදායම: රු. 15,300,000
ඩිජිටල් මුදල්: ඇමරිකානු ඩොලර් 3,000
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
ඉඩම් සහ නිවාස: රු. 76,000,000
වාර්ෂික ආදායම: රු. 9,678,185
බැංකු ගිණුම්වල මුදල්: රු. 21,933,367