බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා කරඬුව මාරු කරාද? වසර දෙසීයකට වැඩි කරඬුවට මොකද වුණේ? තමාව දැනුවත් නොකළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කියයි

Report

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින වසර දෙසීයකට වැඩි ඉතිහාසයක් ඇති රන් ආලේපිත කරඬුව වෙනුවට රත්තරන් පුරාවස්තුවක් වූ කරඬුවක් භාවිත කිරීම සම්බන්ධයෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් කර නැති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අරුණ පුවත් පත වාර්තා කර ඇත්තේ 1940 පුරාවිද්‍යා ආඥා පනතට අනුව, දළඳා කරඬුව පුරාවස්තුවක් ලෙස නම් කර ඇති බවත් දළදා මාලිගාව යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති ලෝක සංස්කෘතික උරුමවලින් එකක් බවත් අධ්‍යක්ෂකවරයා පැවසූ බවයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් දළදා වහන්සේ වැඩ සිටි රන් ආලේපිත කරඬුව වෙනුවට මුළුමනින්ම රත්තරන්වලින් සාදන ලද මෙම නව රන් කරඬුව පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස පූජා කර ඇති බවත්ය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අවශේෂ පූජා භාණ්ඩ මෙම නව රන් කරඬුව තුළ තැන්පත් කිරීමට කටයුතු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ අතර මෙතෙක් පැවැති රන් ආලේපිත කරඬුව ශ්‍රී දළදා මාලිගාවේම විශේෂිත ස්ථානයක සුරක්ෂිතව තැන්පත් කිරීමට ද තීරණය වී ඇත.

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්

මේ රාජ්‍ය අංශයට iii ශ්‍රේණියේ නිලධාරීන් 100 බඳවා ගැනීම් - පුරප්පාඩු තරග විභාග මත බඳවාගැනීම්

මෙය දෙවන විමලධර්මසූරිය රජ සමයේ නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ පූජා කෙරුණු කරඬුවක් බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් කර ඇත. මහනුවර යුගයට අයත් විශිෂ්ටතම රන්මය සහ රීදිමය කලාවන්, සාම්ප්‍රදායික කැටයම් මෙන්ම එකල පැවැති තාක්ෂණයද මෙම කරඬුවෙන් නිරූපිතය.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා කරඬුව මාරු කරාද? වසර දෙසීයකට වැඩි කරඬුවට මොකද වුණේ? තමාව දැනුවත් නොකළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කියයි | Dalada Maligawa Golden Casket Under Review