කන්ටේනර් 323 රහස එළිවෙයිද? රේගුවේ ලොක්කෝ තුන්දෙනෙකුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
නිසි පරික්ෂාවකින් තොරව වරායෙන් කන්ටේනර් 323 පිට කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම රට දැනුවත් කිරීමට කටයුතු කළ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ඉහළ නිලධාරීන් තිදෙනෙකු කන්ටේනර් 323 මුදා හැරීම පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද(25) දින කැඳවූ බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අඳාළ කන්ටේනර් 323 පරීක්ෂා කිරීමකින් තොරව මුදා හැර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් මුලින්ම රටට අනාවරණය කළේ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මඟිනි.
ඊට අමතරව එම වෘත්තිය සමිති සන්ධානය මඟින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ද මේ බව දන්වා තිබුණු බව වාර්තා විය.
එම කරුණු පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී මෙම නියෝජිතයින් තිදෙනාගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇති අතර ඒ පිළිබඳව ඔවුන් අඳාළ තොරතුරු කමිටුවට ඉදිරිපත් කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කන්ටේනර් 323 මුදා හැරීම පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූයේ එහි සභාපති අධිකරණ අමාත්‍යය හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.