සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී
හිටපු විදේශ කටයුතු අමාත්‍යතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා, ශ්‍රී ලංකාවේ යුද හමුදාවට සහ එහි බුද්ධි අංශයට අද කනස්සල්ලට පත් දිනයක් බව සඳහන් කර ඇත.
ඔහු මේ බව දක්වා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්.
ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්.
අඳාළ සටහනින් හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා යනු එල්ටීටීඊ බුද්ධි ජාලය බිඳ දැමීම, එල්ටීටීඊයේ උසස් නායකයින් ඉලක්ක කර ගත් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්ම කිරීම සහ කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් අත්අඩංගුවට ගැනීමට වැනි කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියාකළ නිලධාරියෙකු බවයි.
එසේම ඔහු සඳහන් කරන්නේ රටට අභියෝගාත්මකම කාලවලදී ජීවිත අවදානමද නොතකා සේවය කළ නිලධාරීන් අද දේශපාලන වාද-විවාදවල මැදට ඇද දැමීම බොහෝ දෙනා කනස්සල්ල ලක්වන කරුණක් බවයි.
ප්රජාතන්ත්රවාදී රටක නීතිය යටතේ වගකීම් භාරගැනීම අත්‍යවශ්‍ය වුවද, එය සාධාරණත්වයෙන්, සීමාවෙන් සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරමින් සිය X ගිණුමෙහි දක්වා ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු වූ විමර්ශනය වෘත්තීයමය සහ සාක්ෂි පදනම් කරගත් ක්‍රියාවලියක් විය යුතු බවයි.
ඒ වෙනුවට, අපට වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සංකීර්ණ පරීක්ෂණයක් මහජන දර්ශනයක් බවට පරිවර්තනය වීම බවත් ඔහු පවසයි.
එසේම දේශපාලන වාසි සඳහා පාස්කු ප්‍රහාරය භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය සහ දිගුකාලීන ආරක්ෂක අභිරුචිවලට හානිදායක විය හැකි බවට ද අවධානය යොමු කර ඇත.
තවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාව දේශපාලන ගැටුම්වල අතුරු ප්‍රතිඵලයක් බවට පත් නොවිය යුතු බවයි.
ඊට අමතරව අවසාන වශයෙන් ඔහු සිය සටහනේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සත්‍යය හා යුක්තිය සොයා යා යුතු වුවත් එය නීතිය, සාක්ෂි සහ වගකීම් සහිත නායකත්වය මත පදනම්ව සිදු විය යුතු බවයි. එසේම ජනතාව වෙන්කර හෝ මඟ හැරවීම සඳහා නිර්මාණය කළ නාට්‍යමය ක්‍රියාමාර්ග මත නොවිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
A deeply troubling day for the Sri Lanka Army and its Intelligence Corps. The arrest of Major General Suresh Sallay, an officer widely associated with the dismantling of the LTTE’s intelligence network, intelligence operations that led to the targeting of senior leadership… pic.twitter.com/oT27sZHGln
— M U M Ali Sabry (@alisabrypc) February 25, 2026