සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති ආන්දෝලනාත්මක රහසක් ගම්මන්පිළ එළි කරයි - අත්අඩංගුවට ගන්න තිබිලා තියෙන්නේ අප්‍රේල්වල

Report

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වර්තමාන ආණ්ඩුව මඟින් අත්අඩංගුවට ගත්තේ කොටි හිතවාදී බෙදුම්වාදී බලවේග සතුටු කිරීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට සුරේෂ් සලේ රණවිරුවා තීරණාත්මක කාර්යභාරයක් කළ බවයි.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද(25) දින පෙරවරුවේ කොළඹදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලෙසයි.

එහිදී ඔහු පැවසුවේ, සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සඳහා 2023 වර්ෂයේදී චැනල් 4 නාලිකාව මඟින් සිදු කරන ලද වැඩසටහනක් පාදක කරගෙන ඇති බවයි.

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ,

"එදා චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරයෙහි මහ මොළකරු කියලා කතාවක් ගෙතුවා. සුරේෂ් සලේගෙන් පළිගැනීමට තමයි ඒ කතාව ගෙතුවේ. ඒ කතාව පාවිච්චි කරලා තමයි වර්තමාන ආණ්ඩුව බලයට ආවේ . ඒක නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නම් කිරීමේ පීඩනයක් ආණ්ඩුවට තිබෙනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණයට කලින් තමයි පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරල තිබුණේ . නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරපු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ . එම්. ඉමාම් මහතාගේ කමිටු වාර්තාව එළියට ආවම ගොතපු කතාව බොරුවක් කියලා හෙළි වුණා. එම වාර්තාව වර්තමාන ජනපතිතුමා සඟවාගෙන ඉන්නකොට මම තමයි ඒ වාර්තාව ප්‍රසිද්ධ කළේ. එතකොට මේ අත්අඩංගුවට ගැනීම වැළකුණා. දැන් මේ අත්අඩංගුවට ගැනීමට හේතු දෙකක් හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කතාව ආපහු කරළියට එනවා අප්‍රේල් 21 වෙනිදා සමඟ. ඒවගේම පාස්කු ප්‍රහාරය එල්ල වෙලා මේ වසරට අවුරුදු හතක් වෙනවා.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පැහැදිලි සාක්ෂි මත.. පැය 72ක් රඳවා ගනී

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පැහැදිලි සාක්ෂි මත.. පැය 72ක් රඳවා ගනී

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නවා. මේ වසරේ අප්‍රේල් මාසයේදී තමයි සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් ඒක ඉක්මන් වුණා ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සමාජයේ තියෙන අවධානය වෙනස් කරන්න තමයි සුරේෂ් සලේ මේ අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ. මහ මොළකරු කියලා බොරු චෝදනා එල්ල කරලා අහිංසක පුද්ගලයෙකුට දඬුවම් කරන්න හැදුවොත් විරුද්ධ පක්ෂය නීතියේ ආධිපත්‍ය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙනී ඉන්නවා. කාවහරි මහ මොළකරු වශයෙන් පෙන්නලා මේ මහ මොළකරු රංගනය අවසන් කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ"

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට