මොන හිතකින් ද අනේ.. මෙහෙම.. සැමියෙක් බිරිඳට පෙට්‍රල් ගහලා ගිණිකූරක් දාලා.. පොලීසියට අවසානයේ සියල්ල වමාරලා කීව දෙය..

Report

අද (18) වෙන්නප්පුව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිය බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇයව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ය.

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..

රු.25,000ක පුදුම හිතෙන දීමනාව.. එතකොට රු.55,000 මොකක්ද?. ලැබෙන හැටි ගැන කළ දැනුම්දීම මෙන්න..


සැකකරු පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් සිය දරුවන් ගැන නොසිතා බිරිඳ නිවසින් පිටව යාමට උත්සාහ කළ බවත් එය වැළැක්වීම සඳහා බිරිඳගේ සිරුරට පෙට්‍රල් වක්කර ගිනි තැබූ බවත් ය.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 37 හැවිරිදි තිදරු මවක් ය.

ඇය ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසර 2කට පෙර, ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සඳහා මැදපෙරදිග රටකට යවා ඇත්තේ සැකකාර සැමියා විසින් වේ.

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..

කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..


නමුත් විදෙස්ගත වූ පසු සිය බිරිඳ, මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇත.

ඒ බව සැකකරු සඳහන් කර තිබෙනවා.

ඉන්පසු ඇය අනියම් සැමියාට වැටුපෙන් වැඩි මුදලක් එවා ඇති බවත් තමන්ට සහ දරුවන්ට සුළු මුදලක් එවා ඇති බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

සිය බිරිඳ මාස කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති නමුත් ඇය නිවසට නොපැමිණ අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුද්ගලයා පදිංචිව සිටි කොච්චිකඩේ නිවසට ගොස් ඔහු සමග ජීවත් ව ඇත.

තීරණාත්මකයි?. හිතුවේ නෑ නේද.. හෙට වෙන දෙය ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

තීරණාත්මකයි?. හිතුවේ නෑ නේද.. හෙට වෙන දෙය ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..


තමන් ඒ බව දැන සිටියත් ගැටුමක් ඇති නොකළ බවත් සිය දෙවැනි පුතුගේ උපන් දිනය පසුගිය 10 වනදා යෙදී තිබූ බැවින් දරුවන් බැලීමට පමණක් නිවසට එන ලෙස ඇයට ඔහු පවසා ඇත.

ඒ අනුව ඇය පසු ගිය 10 වනදා නිවසට පැමිණ ඇති අතර නැවත 14 වනදා නිවසින් පිටව යාමට සූදානම් ව තිබෙනවා.

එහිදී සැමියා පවසා ඇත්තේ දරුවන් වෙනුවෙන් නිවස අත්හැර නොයා සිටින ලෙසට ය.

නමුත් ඇය එය ප්‍රතික්ෂේප කරමින් නිවසින් පිටත්වීමට සූදානම් වූ බැවින් තණකොළ කැපිමේ මැෂීමට දැමීමට රැගෙන විත් තිබු පෙට්‍රල්, භාජනයකට වක්කර එකවර ඇයගේ සිරුරට විසිකර ඒ සමගම ගිනිකූරක් පත්තුකර විසිකර දමා ඇත.

පසුව සිය මව ගිනි ගන්නා බව දුටු ඇයගේ 14 හැවිරිදි පුතු කෑ ගසා ගින්න නිවීමට උත්සාහ කර ඇති අතර ඇය ද නිවසින් පිටතට දිවගොස් ගින්න නිවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


අසල්වැසින් එය දැක වහා ගින්න නිවා ඇයව මාරවිල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

පිළිස්සුම් තුවාල හේතුවෙන් බරපතළ තත්ත්වගේ සිටි එම කාන්තාව ඊයේ (17) මියගොස් ඇති බව වාර්තා විය.

ඒ අනුව මරණය සම්බන්ධයෙන් සැකකාර සැමියා වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සැමියා 41 හැවිරිදි පොල් කඩන්නේකු ලෙස රැකියාවේ නියුතුව සිටි පුද්ගලයෙක් ය.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)


කෙසේ වෙතත්, මවත් පියත් අහිමිව සිටින අවුරුදු 14 හා 9ය වයස් සීමාවල සිටින දරුවන් තිදෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පරිවාසයට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේ ය.