විදුහල්පති සේවය ඇතුළු රජයේ විභාග රැසකට දින නියම වෙයි - කාලසටහන මෙන්න

Report

2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ඊට අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගතව ලබාගත හැකි බවයි.

මීට පෙර මෙම විභාගය අප්‍රේල් මස 26 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය නොවැළැක්විය හැකි හේතුවක් මත දින නියමයක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ගෙන තිබුණි.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ පුහුණු ශ්‍රේණියේ නිලධාරී විවෘත තරඟ විභාගයද ජූනි 13 දින කොළඹදී පැවැත්වේ.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහායක(වාරිමාර්ග) III ශ්‍රේණිය සහ තාක්ෂණික සහායක (යාන්ත්‍රික) III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය ජූනි 14 පැවැත්වේ.

උසස් පෙළ සිසුන්ට පණිවිඩයක් - උසස් පෙළ විෂය ධාරාව අලුත් කිරීමට තීරණයක්

උසස් පෙළ සිසුන්ට පණිවිඩයක් - උසස් පෙළ විෂය ධාරාව අලුත් කිරීමට තීරණයක්

මීට අමතරව රාජ්‍ය විභාග රැසක් පැවැත්වීමේ දින නියම වී ඇත.

ඊට අදාළ කාලසටහන පහත දැක්වෙයි.

විභාගයට දින by ashfa