“මම හයියෙන් කෑ ගැහැව්වා ඇදන් හිටිය ඇදිවත විතරයි අන්තිමට මට ඉතුරු - එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා" වැඩිහිටි නිවාසයේ බිහිසුණු අනතුරට මුහුණ දුන් දයාසීලි මව [VIDEO]

Report

ඊයේ (03) දින සවස 5ත් 6ත් අතර කාලයේ අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසයේ ඇති වූ හදිසි ගින්න හේතුවෙන් අතිශය ඛේදජනක සිදුවීමක් සිදුව ඇත.

ඒ අතර එම නිවාසයේ මානසික ආබාධ සහිත විවිධ වයස්වල කාන්තා හා පිරිමි පුද්ගලයින් 72ක් පමණ සිට ඇති බවත් මෙම පිරිස රැකබලා ගැනීමට පලනාධිකාරිය පස් දෙනෙකු සිට ඇති බවත් මේ වන විට හෙළි වී ඇත.

බේරගෙන ආව අම්මා කෙනෙක් මාලේ වැටිලා කියලා ආපහු දිව්වා එයත් පිච්චිලා ගියා.. දංවැල් දාලා බැඳලා තියන්නේ - අළු වූ කැඳැල්ලෙන් ඇහෙන සංවේදී කතා රැසක්

බේරගෙන ආව අම්මා කෙනෙක් මාලේ වැටිලා කියලා ආපහු දිව්වා එයත් පිච්චිලා ගියා.. දංවැල් දාලා බැඳලා තියන්නේ - අළු වූ කැඳැල්ලෙන් ඇහෙන සංවේදී කතා රැසක්

මම හයියෙන් කෑ ගැහැව්වා. ගොඩක් අය කෑ ගගහා එළියට දිව්වා. ඒ අය තමයි ඉතුරු වුණේ. මගේ සේරම ගිනි ගත්තා. ඇදන් හිටිය ඇදිවත විතරයි අන්තිමට මට ඉතුරු වුණේ” යැයි හොරණ අඟුරුවාතොට, බටගොඩ ගල්පාත මවුපිය සෙවණ සෙනෙහසේ කැදැල්ල නිවාසයේ දයාසිලි පැවසුවා. ඇය මේ බව පැවසුවේ ඊයේ (03) සවස එම වැඩිහිටිය නිවාසයේ හදිසීයේ ඇති වූ ගින්නෙන් පසු වෙනත් රැඳවුම් නිවාසයකට යමින් සිටියදීයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය.

“මම දන්නෙත් නෑ. එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා. මගේ පස්සෙන් අනිත් අයත් එළියට දුවන් ආවා. කට්ටියව බේරගන්න බැරි වුණා. ගොඩක් අය කෑ ගගහා එළියේ දිව්වා. ඒ අය දුවනකොට කෑ ගහපු කට්ටියත් පැනගත්තා. ඇතුළේ හිටපු ගෑණු කට්ටිය කීපදෙනෙක් පැනගත්තා. පිරිමි කට්ටියත් කීප දෙනෙක් පැන ගත්තා. ඒ කට්ටිය තමා ඉතුරු වුණේ. මේ බස් එකේ ඒ කට්ටිය. මම ගොඩාක් කෑගැහැව්වා. ගන්න දේකුත් නෑ අන්තිමට. සේරම මගේ දේවල් ගිනි ගත්තා. ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ අන්තිමට. කිසිම දෙයක් ගත්තේ නෑ.”

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

මෙම ගින්නෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ බස් රථවලින් මුදවා ගත් පිරිස බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන අවස්ථාවේදී එම නිවාසයේ සිටි දයාසීලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසුවා.

ඊයේ (03) සවස මෙම වැඩිහිටි නිවාසයේ හදීසියේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් ප්‍රකාශ කළා.

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

රියදුරන්ට විශේෂ නිවේදනයක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන පරීක්ෂාවක්

ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු තවදුරටත් හොරණ මූලික රෝහලේ සහ ගල්පාත ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ගින්නට මැදි වූ 51 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ඔවුන් බටගොඩ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එම නිවාසයේ වැඩිහිටියන් 72 කු රැදී සිට ඇති අතර ඊට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු ඇතුළත් වු බවට තොරතුරු හෙළි වුණා.