ශිහාන් මිහිරංග අනුගමනය කරමින් කරළියට ආ අශ්නිකට වෙඩින් එකකදී කරදරයක් - සම්පූර්ණ විස්තරයම සමාජ මාධ්‍ය කළඹයි [VIDEO]
බොහෝ දෙනෙක් ආදරය කරන ශිහාන් මිහිරංග හෙවත් "යෞවනයේ සිහින කුමාරයාගේ" ගීත ගායනා කරමින් රසික පිරිසක් නිර්මාණය කරගත් පුද්ගලයා තමයි අෂ්නික ද සිල්වා කියන්නේ. ඔහු පසුගියදා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වුණා.
ඒ අතරතුර ඔහු ගීතයක් ගායනා කරන විට යම්කිසි පුද්ගලයෙක් ඇවිත් ඔහුගේ ගීතයේ සංගීතය නතර කළා. එම අවස්ථාවේ අපහසුතාවයට පත් වූ අෂ්නික එම ස්ථානයෙන් පිටත් වී ගියා.
ඉතින් මේ සිදුවීම මුල් කරගනිමින් සමාජ මාධ්‍ය පුරාම බොහෝ දෙනෙක් විවිධ අදහස් ඉදිරිපත් කර තිබුණා.
ඒ අදහස් අතර බොහෝ දෙනා සඳහන් කළේ "කොල්ලෙක්ට තවත් කොල්ලෙක් මේ කරපු වැඩේ අන්තිම කැත වැඩක්" කියලයි.
කෙසේ නමුත් විවාහ මංගල්‍යය සිදුවූ පාර්ශ්වය සහ අෂ්නික මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබෙනවා.
ගීත ගායනා කිරීමට ගිය අෂ්නික සඳහන් කරන්නේ රුපියල් තිස්පන්දහසක මුදලකට ඔහු ගීතය ගායනා කරන්න එම විවාහ මංගල්‍ය උත්සවයට ගිය බවයි.
ඒ ඔහුගේ පනස්වැනි විවාහ මංගල්‍යය බවත් ඔහු සඳහන් කළා. කෙසේ නමුත් එම අවස්ථාවේ සිදු කළ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත්, ඒ වෙනුවෙන් කතා කළ ජනතාවට ඔහු ස්තූති කිරීමටත් වීඩියෝවක් නිකුත් කර තිබුණා.
එමෙන්ම විවාහ මංගල්‍යය සංවිධානය කළ පාර්ශ්වය සඳහන් කළේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ අෂ්නික කියන මේ තැනැත්තාට ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට කිසිසේත් ආරාධනා කර නොතිබූ බවයි.
අනවසරයෙන් විවාහ මංගල්‍යයට ඇතුළු වී සිදුකළ එම ක්‍රියාව හේතුවෙන් විවාහ වූ තරුණියගේ සහෝදරයෙකු විසින් මෙලෙස ඔහුව පිටත් කර හැර තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පුද්ගලයා සමඟ ඔවුන් අතර කිසිදු ගනුදෙනුවක් සිදුවී නොමැති බවයි. කෙසේ නමුත් සමාජ මාධ්‍ය පුරාම මේ සිදුවීම පිළිබඳව මේ වන විටත් විවිධ කතාබහ නිර්මාණය වී අවසන්.