කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..
By krishani
කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් සම්බන්ධයෙන් ය.
ඒ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) දින සිට දින 20ක කාලයක් ගත වේ.
මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.
ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද (17) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙනු ලැබීය.
