ලබන 10 වැනිදා මහ බැංකුවෙන් මේ අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහනක් සංවිධාන කර ඇත්තේ කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදු කළ ඉල්ලීමට අනුව බව සඳහන්.
ඒ අනුව එම වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන 10 වෙනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ වෙනුවෙන් ඉකුත් 01 වෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.