ඉන්දියාවේ විදුලි මෝටර් රථ අලෙවිය ඉහළ යයි
By Kanchana
ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමග ඉන්දියාව තුළ විදුලි මෝටර් රථ වැඩි වශයෙන් අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා ඉරාන යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සෑම රටකටම බලපා ඇත ඉන්දියාව තුළ අලෙවි වන සෑම වාහන 10න් එකක්ම විදුලි වාහන බව වාර්තා වේ.
විදුලි ත්‍රී රෝද රථ භාවිතය 30%කින් සහ යතුරු පැදි භාවිතය 15%කින් ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි
ඉන්දියාව සිය තෙල්වලින් 90%ක්ම ආනයන කරනු ලබයි එරට අගමැතිවරයා ඉල්ලා තිබෙන්නේ බොරතෙල් මිල 50%කින් ඉහළ යාමත් සමග ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන භාවිතය නිවසේ සිට වැඩ කිරීම සහ මෝටර් රථ ඒකාබද්ධ කිරීම ඇතුලු පියවර අනුගමනය කරන ලෙසයි .