බිහිසුණු අපරාධයේ සුලමුල එළියට - හිස කඳින් වෙන් කර පිළිමකට එල්ලා තැබූ අපරාධයේ සැකකරුවන් හඳුන ගැනීමේ පෙරට්ටුවේ හදුනා ගැනේ
අම්බලන්තොට මාමඩල මොකුටුයාය ප්‍රදේශයේ නිවසක දී වෙඩි තබා කපා කොටා පසුව හිස කඳින් වෙන් කර පිළිමකට එල්ලා තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් තිදෙනා, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර්.බී. නෙළුම්දෙනිය මහතා හමුවේ අද පැවැති හඳුන ගැනීමේ පෙරට්ටුව හඳුනා ගත්හ.
ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්
අම්බලන්තොට පොලිසිය පවසන්නේ ඝාතනය ලක් වූ පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය යන සාක්ෂිකාරියන් විසින් අපරාධය කිරීමට නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මෙසේ හඳුනාගත් බවයි.
ඉකුත් මැයි මස (12) තංගල්ල විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසියට බාර දුන්නේය.
සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයකු අම්බලන්තොට පොලීසිය මගින් පසුව අත් අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම අද (04) සිදුවිය.
හඳුනා ගැනීමේ පෙරටුවෙන් පසු ප්‍රධාන සැකකරුවන් තිදෙනා සහ සහ ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩවට ගත් තුන්වෙනි සැකකරුද සමග සැකකරුවන් හතර දෙනා මේ මස (18) දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර් .බී.නෙළුම් දෙනියමාතා නියෝග කළේය.