අපි ප්‍රබල ඒකාබද්ධ විපක්ෂයක් හදනවා ඊලඟ මැතිවරණවලදී බෙදිලා ඉල්ලන්නේ නෑ - ප්‍රේම්නාත් සී. දොළවත්ත
වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී පාලන ක්‍රියාවලියට එරෙහිව රටේ සියලුම දේශපාලන පාර්ශ්වයන් එකමුතු කරගනිමින් ප්‍රබල ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැඟීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පවසයි.
රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමට, පාරම්පරික සංස්කෘතියට මෙන්ම ස්වාධීන අධිකරණ පද්ධතියට ආදී වශයෙන් මේ වන විට සමස්ත ක්ෂේත්‍රයන් වෙතම එල්ල වෙමින් පවතින විවිධ බලපෑම් සහ පහරදීම් සම්පුර්ණයෙන්ම වැළැක්වීම සඳහා සියලුම බලවේග සහ බලඇණි එකම පෙරමුණකට එකතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
මුහුදු යන්නේ ප්‍රවේශමෙන් - තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව හෙට දිනය දක්වා වලංගු අවවාදාත්මක නිවේදනයක්
මීළඟට රට තුළ පැමිණීමට නියමිත ඕනෑම මැතිවරණයකදී තමන් කිසිසේත්ම වෙන් වෙන් වශයෙන් හෝ බෙදී වෙන් වී තරග නොකරන බව ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ආණ්ඩුවට එරෙහි සියලුම දෙනා එකමුතු කරන පොදු පාලම නිර්මාණය කරනු ලබන්නේ මෙම ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.