ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යුනිසෙෆ් එකෙන් ප්‍රශංසාවක් - සහයෝගය දෙන්නත් එකඟ වෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස අද(04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුව ඇත.
ඒ අනුව එම නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරිය දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට සිය කෘතඥතාව පළ කර සිටි අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු යුනිසෙෆ් සංවිධානය මඟින් කඩිනමින් ලබාදුන් සහන සහ ප්‍රතිසාධන පැසසුමට ලක් කර ඇත.
මේ අතර දරුවන් සඳහා වන නීතිමය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ ළමා මන්දපෝෂණය පිළිබඳ පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
එම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට වටිනා අවස්ථාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුවක් පැවතියද දරුවන් සහ අවදානමට ලක් වූ කණ්ඩායම් මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමේ දී එම ප්‍රතිපත්ති සහ නීති ඵලදායී ආකාරයට ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සඳහන් කළා.
එමෙන්ම රජය ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කළ යුනිසෙෆ් නියෝජිතයන් දරුවන් කේන්ද්‍ර කරගත් වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට රජයට තවදුරටත් සහාය ලබාදීමට කැමති බව පවසා ඇත.
මෙම අවස්ථාවට යුනිසෙෆ් විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar, උප සභාපති Sophia Tesfamariam, උප සභාපති Alejandra Hernandez Gonzalez ඇතුළු යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී විය.





