බලාපොරොත්තු පොදි බැඳන් විස්සයි විස්ස ලෝක කුසලානය ගේන යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් [VIDEO]
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(03) දින රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සඳහන්.
ඒ අනුව මෙවර තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ එංගලන්තයට එරෙහිවයි.
එමෙන්ම පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 12 වන දින එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින් සත්කාර එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බර්මින් හැම්හිදී තරගවැදීමට නියමිත බව සඳහන්.
එමෙන්ම මෙවර තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී විය.
එම අවස්ථාවේදී තරගාවලියට ඇති සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු අදහස් පළ කර තිබුණා.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,