හරිනම් ඉන්ධන ලීටරයක් රු 740ක් වෙන්න ඕනේ හැබැයි එහෙම කළේ නෑ - රටේ ආර්ථිකයට ගහන්න දෙයක් නැති බව කියන මාලිමා මන්ත්‍රී

Report

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා ලෝක වෙළඳපොළේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ ගියද, අනෙකුත් අමතර අමුද්‍රව්‍යවල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුව නොමැති බව පවසා ඇති බව සඳහන්.

ඒ අනුව මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය රජය ඉතා හොඳින් කළමනාකරණය කරමින් සිටින බවයි.

එමෙන්ම ඉන්ධන ආනයන වියදම් පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ පෙබරවාරි මාසයේදී ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 98ක් වැය වුවද, අප්‍රේල් මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 522ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

එසේම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්ධන ලීටරයක සැබෑ මිල රුපියල් 740ක් පමණ විය යුතු වුවත්, රජය දැනට එය රුපියල් 424ක සීමාවේ පවත්වාගෙන යමින් සිටින බවත් සඳහන් කර ඇත.

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 20,000ක් පමණ වැය කරමින් ඉන්ධන මිල කළමනාකරණය කරන්නේ ජනතාව මත සම්පූර්ණ බර නොපටවා සිටීමට බවයි.

තවද ඉන්ධන මිල හැරුණු විට අනෙකුත් අමතර අමුද්‍රව්‍ය මිලෙහි විශාල වැඩිවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවයක් දැනට නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව බස් සංගම් සමඟ සාකච්ඡා කර ජනතාවට මෙන්ම බස් හිමියන්ටද පීඩාවක් නොවන ආකාරයට විසඳුම් ලබා දීමට රජය සූදානම් බවත් ඔහු පවසා ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාවට සීමාකාරී චක්‍රලේඛයක්.. සංශෝධනය කර ඉන්ධන කෝටා වැඩි කරන්නැයි ඉල්ලයි

රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාවට සීමාකාරී චක්‍රලේඛයක්.. සංශෝධනය කර ඉන්ධන කෝටා වැඩි කරන්නැයි ඉල්ලයි

මින් පෙර පැවති ආණ්ඩු මෙන් නොව, ලෝක වෙළඳපොළේ තත්ත්වය අනුව මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්ථාවකදීම එම සහනය ජනතාවට ලබා දීමට රජය ස්ථාවරව සිටින බව සඳහන් කළ පද්ම කුමාර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන පවා ලංකාවේ ආර්ථිකය ඕනෑම ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණ දිය හැකි මට්ටමකට පැමිණ ඇති බව පිළිගෙන තිබෙන බවත්, 2026 වසරට අදාළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර නොකර ඉදිරියට ගෙන යන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්