විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය - ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ
අද (04) පෙරවරුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. මෙම අවස්ථාව හිමි වී ඇත්තේ ජනාධිපති කාර්‌යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව විද්‍යාර්ථ විද්‍යාලයටයි.
මෙහිදී අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ වත්මන් පාර්ලිමේන්තුවේ කාර්ය භාරය සම්බන්ධයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දැනුවත් කිරීම සිදු විය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදුවිය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ මෙම අවස්ථාව සනිටුහන් කරමින් පාසල වෙත වටිනා පැළයක් ප්‍රදානය කිරීමද සිදුවිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්ම සිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලව ආරච්චි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) ජයලත් පෙරේරා, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂඑයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ,එහි සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති එම්. ඒ. එස්. ශ්‍රී ලාල් යන මහත්වරුද, ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.