මොකක්ද මේ අවුරුදු 128කට පස්සෙ කරන්න යන දේ..

Cricket Olympic Academy Sports
By Piyumika Aug 13, 2024 05:13 AM GMT
Piyumika

Piyumika

Report

2028 ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මීළග ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, වසර 128කට පසුවය.

සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..

සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..

1896 ඇතැන්ස්හි පැවති ඔලිම්පික් උළෙලේ ලැයිස්තුගත ක්‍රීඩා අතරට ක්‍රිකට් ක්‍රීඩාව නම් කරන ලද නමුත් එය ඉදිරියට ගෙන යාමට නොහැකිව ඇත්තේ සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් සිටි නිසා බවයි මාධ්‍ය වාර්තා කර සිටී.

1900 දී පැරිසියේ පැවති ඔලිම්පික් උළලේදී ප්‍රථම වරට ක්‍රිකට් තරග පවත්වා ඇත්තේ ප්‍රංශය සහ එංගලන්තය අතරයි. එහිදී ලකුණු 158කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

නව පත්වීම සම්පූර්ණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ..

නව පත්වීම සම්පූර්ණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ..

ජයග්‍රාහක එංගලන්ත කණ්ඩායමට එහිදී රිදී පදක්කමක් සහ ප්‍රංශයට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කර ඇති අතර, පසු කාලීනව එම පදක්කම් රන් සහ රිදී බවට පරිවර්තනය කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.

එහෙත් ඉන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් වී නොමැත.

මේ අතර baseball/softball, flag football, lacrosse (sixes) සහ squash යන ක්‍රීඩා ද 2028 ඔලිම්පික් ක්‍රීඩාවන්ට ඇතුළත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ReeCha