සැඩ පහරට හසුවී පුද්ගලයෙකු මියයයි ..
By Piyumika
නාල්ල, කීලම්පිටිය ප්‍රදේශයේදී මා ඔය හරහා එගොඩ වීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (12) දහවල් කාලයේ එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, නාල්ල, දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු තවත් පුද්ගලයෙකු සමග මා ඔය හරහා එගොඩ වීමට යාමේදී සැඩ පහරකට අසුවී ගසාගෙන ගොස් මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය .
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.