නව පත්වීම සම්පූර්ණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ..

Election Commission of Sri Lanka Polonnaruwa Sri Lanka
By Piyumika Aug 13, 2024 03:39 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොළොන්නරුව සමුපකාර සංවර්ධන තනතුරේ රාජකාරී ආවරණය සදහා දේශපාලන මැදිහත්වීම මත නිලධාරියකු පත් කිරීමට තමන් දැඩි විරෝධය පළ කරන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරු හා අධ්‍යක්ෂවරු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (12) සඳහන් කළහ.

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී ඊයේ (12) මෙම සාකච්ඡාව පැවැත්විණ.

අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..

අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..

මේ පිළිබඳ අදහස් දක්වමින් පොළොන්නරු දිස්ත්‍රික් සමුපකාර දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති උපුල් අලහකෝන් මෙසේ කීවේය.

පොළොන්නරුව දිස්ත්‍රික් සමුපකාර සහකාර කොමසාරිස් ධුරයේ කටයුතු කළ සහකාර සමුපකාර කොමසාරිස්වරයා විශ්‍රාම යාමෙන් පසු 12 වැනිද‍ා සිට එම තනතුරේ වැඩ බැලීම සදහා වැඩ බලන සභාපතිවරයකු නීති විරෝධී ලෙස මෙම පත් කිරිම කරලා තියෙන්නෙ.

හෙදියකට කල දෙයට වෛද්‍යවරයාට වැඩ වරදී ..හිතාමතා කලෙ නෑ කියා බෙරෙන්නත් හදලා..

හෙදියකට කල දෙයට වෛද්‍යවරයාට වැඩ වරදී ..හිතාමතා කලෙ නෑ කියා බෙරෙන්නත් හදලා..

මේක සම්පූර්ණයෙන් දේශපාලන මැදිහත්වීම මත සිදු කළ පත්වීමක්. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති කාලයක්. ඒ නිසා මේ පත් කිරීම සම්පූර්ණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් විදිහටයි අපි දකින්නෙ.

ඊටත් වඩා මේ තනතුරේ වැඩ බැලීම සදහා මීට වඩා සුදුසුකම් තිබෙන නිලධාරීන් 04 දෙනකු ඉදිද්දී තමයි දේශපාලන මැදිහත්වීම මත පත් කරල තියෙන්නෙ. ජනාධිපතිවරණයක් ගැසට් කරල තියෙන වෙලාවක අපි මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් වගේම පොළොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා මේ පත්කිරීම වහා අවලංගු කරන්න කියලා.

ReeCha