ඊයේ සිට මෙහි බලතල වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවයි - විශේෂ ගැසට් නිවේදනයක්
මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, සමගි ජන බලවේගය පාලනය යටතේ පැවති පාතහේවාහැට ප්රාදේශීය සභාවේ බලතල අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අත්හිටුවීම ඊයේ (19) දින සිට ක්රියාත්මක වන පරිදියි සිදු කර ඇති බව සඳහන්.
එසේම එම සභාව තුළ සිදුව ඇති බව පැවසෙන විවිධ අක්රමිකතා පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ක්රියාත්මක කරයි.
මේ අතර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එකී විමර්ශන කටයුතු අවසන් වන තෙක් සභාවේ සාමාන්ය කටයුතු මෙසේ අත්හිටුවා තැබෙන බවයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් බහුතර බලය තහවුරු කරගනිමින් පාලනය මෙහෙයවනු ලැබූ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් මීට පෙරද විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ල වී ඇත.
පළාත් පාලන ආයතන පනත ප්රකාරව, යම් සභාවක් තුළ මූල්ය හෝ පරිපාලනමය අක්රමිකතාවක් සිදුව ඇති බවට කරුණු හෙළි වන අවස්ථාවකදී, ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමටත්, එම කාලසීමාව තුළ සභාවේ බලතල අත්හිටුවීමටත් අදාළ පළාතේ ආණ්ඩුකාරවරයාට ව්යවස්ථාපිත බලතල හිමි වෙයි.
එබැවින් මෙම අත්හිටුවීමත් සමඟ ප්රදේශවාසීන්ට අත්යවශ්ය මහජන සේවා අඛණ්ඩව සැපයීමට ඉදිරියේදී විශේෂ කොමසාරිස්වරයෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පළාත් පාලන ආරංචි මාර්ග පවසයි.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්