ජනතාව සලිත කරමින් ශ්රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්රහාර යළි ඇතිවීමේ අවදානමක්
නීතිවිරෝධී ආකාරයට ධීවර යාත්රා දෙරටේ මුහුදු සීමාවන්ට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්රී ලංකා සහ ඉන්දීය රජයන් දැඩි පියවර ගත යුතු බවත්, එවැනි ක්රියාකාරකම් දෙරටටම බරපතළ ආරක්ෂක තර්ජන එල්ල කළ හැකි බවත් පාත්ෆයින්ඩර් පදනමේ කීර්තිමත් සාමාජික අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා පවසන බව වාර්තා වේ.
ඒ අනුව අද කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ කොළඹ සමාජ ශාලාවේදී (The Colombo Club) පාත්ෆයින්ඩර් පදනම විසින් සංවිධානය කරන ලද “තානාපතිවරුන්ගේ වටමේස සාකච්ඡාවේදී” ඔහු මේ බව ප්රකාශ කළ බව සඳහන්.
එමෙන්ම ධීවර යාත්රා මඟින් භයානක ද්රව්ය ප්රවාහනය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්රියා සිදුකළ හැකි බව පෙන්වා දුන් ඔහු, මත්ද්රව්ය ප්රවාහනයට යොදාගත් ධීවර යාත්රා අත්අඩංගුවට ගත් අවස්ථා ද ඇති බව පැවසූ බව සඳහන්.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
මේ අතර 2008 වසරේ මුම්බායි ත්රස්ත ප්රහාරය සිහිපත් කළ ඔහු, එම ප්රහාරයට පැමිණි ත්රස්තවාදීන් ඉන්දීය ධීවර යාත්රාවක් පැහැරගෙන එය භාවිත කරමින් මුම්බායි වෙත ළඟා වූ බව පවසා ඇති අතර “මුම්බායි නගරය දින තුනකට ආසන්න කාලයක් අඩපණ කළ එම ප්රහාරයේදී පාකිස්තානයේ සිට පැමිණි ත්රස්තවාදීන් ඉන්දීය ධීවර යාත්රාවක් භාවිත කළ බව අප අමතක නොකළ යුතුයි,” යනුවෙන් ද කියා ඇත.
කෙසේ වෙතත් එවැනි සිදුවීම් යළි ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, අනවසර ධීවර යාත්රා දෙරටේ මුහුදු සීමාවන්ට ඇතුළුවීම වැළැක්වීමට දෙරටේම රජයන් අවශ්ය පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළ බව සඳහන්.
මේ අතර, පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා, කච්චතිව් දූපතෙන් ශ්රී ලංකාවට ලබාගත හැකි අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළ බව වාර්තා වේ.
සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්රෝන ප්රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය
එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්යය පැවැත්වෙන කාලසීමාවේදී ප්රධාන වශයෙන් භාවිත වන මෙම දූපතේ විභවයන් තවදුරටත් ප්රයෝජනයට ගැනීම සහ ආයෝජන අවස්ථා සලකා බැලීම වැදගත් බවයි.
තවද ධීවර සම්පත් නිරීක්ෂණය කිරීම සහ ධීවර සංරක්ෂණ කටයුතුවලට සහාය වීමට කච්චතිව් දූපත ධීවර පර්යේෂණ මධ්යස්ථානයක් වශයෙන් භාවිත කිරීමේ හැකියාව අධ්යයනය කළ යුතු බව ද පාත්ෆයින්ඩර් පදනම යෝජනා කර ඇත.
1974 වසරේදී එවකට ශ්රී ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි අතර ඇති කරගත් සමුද්ර සීමා ගිවිසුම යටතේ කච්චතිව් දූපත ශ්රී ලංකාවේ සමුද්ර සීමාවට අයත් වන ලෙස පිහිටුවීය.
එම ගිවිසුම යටතේ නිශ්චිත කොන්දේසිවලට යටත්ව ඉන්දීය ධීවරයන්ට සහ වන්දනාකරුවන්ට දූපතට පැමිණීමේ අවස්ථා ද සලසා ඇත.
ඒ අනුව පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ ආචාර්ය දයා සිල්වා මහතා ද මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ මහ ඇමැති සී. ජෝසෆ් විජේ මහතා මෙම ගැටලුව දෙස පටු දේශපාලන දෘෂ්ටිකෝණයකින් නොව පුළුල් ප්රවේශයකින් බලනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.