පුද්ගලයෙකු විසින් ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාළව අධිකරණයට මෝසමක්

Report

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇති තමන්ගේ සහ පුත්‍රයාගේ ජංගම දුරකථන, පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ නැවත මුදාහරින ලෙස ඩබ්ලිව්. ඩී. එන්. එච්. පෙරේරා නමැති අයෙකු කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, ඒ පිළිබඳව හෙට (03) දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.

අදාළ සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසමක් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

මෙහිදී නීතිඥ සංජය මාරඹේ මහතා සමඟ අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ, අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සේවාදායකයාගේ නිවස පරීක්ෂා කර ලැප්ටොප් පරිගණක සහ ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථන රැගෙන ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඔහුගේ එදිනෙදා බැංකු කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය මූල්‍ය ක්‍රියාවලීන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

මේ ආයතන සියල්ලටම රජයෙන් විශේෂ නීතියක් - සැප්තැම්බර් 30ට කලින් මේ දේ කරන්න නැත්නම් නීතිය ක්‍රියාත්මකයි

විමර්ශන සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බැවින්, අදාළ උපකරණ මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.