රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයින් මොස්කව් නුවරට

Report

 රුසියා – යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා වේගවත් කිරීමේ අරමුණින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර් රුසියාවේ මොස්කව් අගනුවර වෙත පැමිණ තිබේ.

ජෙරඩ් කුෂ්නර් යනු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන අතර, ඔහු පසුගිය කාලය පුරාවටම සංකීර්ණ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ප්‍රමුඛ නිලධාරියෙකි.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන රුසියා – යුක්රේන අර්බුදයට ස්ථිර තාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා අමෙරිකානු පරිපාලනය විසින් සකස් කරන ලද විශේෂ යෝජනාවලියක් ද රැගෙන පැමිණි ස්ටීව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර්, මොස්කව් නුවරදී රුසියානු ඉහළ පෙළේ නියෝජිතයින් හමුවී මූලික සාකච්ඡා පවත්වා ඇත.

රුසියානු පාර්ශ්වය සමඟ පැවැත්වෙන මෙම සකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු නියෝජිතයින් දෙදෙනා යුක්රේන පාර්ශ්වය සමඟ ද සාකච්ඡා පැවැත්වීම සඳහා යුක්රේනයේ කීව් අගනුවර බලා පිටත්ව යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සැප්තැම්බර් 12 අනුරාධපුර රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ තීරණයක්

සැප්තැම්බර් 12 අනුරාධපුර රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ තීරණයක්